ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකදුරේ මධූෂ්ගෙන් අඛණ්ඩව ප‍්‍රශ්න කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මධුෂ් අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන් තොටුපලේදීයි.
පසුගිය පෙබරවාරි පස් වනදා ඩුබායි අත්අඩංගුවට පත්වූ මධූෂ් සම්බන්ධයෙන් මාස තුනකට ආසන්න කාලයක් විමර්ශන ක‍්‍රියාත්මක වුණා. විනාඩි විස්සක පමණ කාලයක් ගුවන් තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු ඒකකයේ රඳවා සිටි මධූෂ් පසුව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානයට රැගෙනවිත් තිබෙනවා. මනුෂ්‍ය ඝාතන ඇතුළු සිද්ධින් රැසකට ඔහුට ඍජුව සහ වක‍්‍රව චෝදනා පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
Post a Comment