ජපානයේදී මෝටර් රථයක් කුඩා ළමයින් සිටි ස්ථානයක කඩා වැදීමෙන් දෙදෙනෙකු මියගියා. ෂිගා පලාතේ ප‍්‍රාථමික පාසලක ඉගෙනුම ලබන ළමයින් 13 දෙනෙකු, ගුරුවරියන් සමග පදික වේදිකාවේ ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙක්. අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරුවන අවුරුදු 52 ක කාන්තාවක සහ 62 ක් වයසැති තවත් කාන්තාවක අත්අඩංගුවට ගත් බවයි ජපාන පොලිසිය සදහන් කළේ.
Post a Comment