Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැංකු පොළී අනුපාත පහතට – රුපියල ශක්තිමත්  

Add comments

විවිධ අභියෝග හමුවේ රුපියල යළි ශක්තිමත් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ප්‍රතිපත්ති පොලී අනුපාතය ද ඒකක පනහකින් පහත දැමීමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සදහන් කරන්නේ.

තහවුරු වූ ආරක්ෂක තත්ත්වය ,සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවලින් පනවා තිබූ සීමා ලිහිල් කිරීම හේතුවෙන්  අඩුමට්ටමක පැවති ආර්ථික වර්ධනය යථා තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇති බවයි මහබැංකුව සදහන් කරන්නේ.  දුර්වල වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල සියයට තුනයි දශම හයකින් ශක්තිමත් වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිනමන හයවන වාරිකය හිමිවීම හේතුවෙන් ආයෝජන අපේක්ෂා ඉහළ යාමේ ප්‍රවනතාවක් ඇති බවද මහබැංකුව නිකුත් කළ  නිවේදනයේ දැක්වෙනවා. භාණ්ඩ මිළෙහි තාවකාලිකව ඉහළයෑම් සිදුවුවද ඉදිරියේදී අපේක්ෂිත පරාසයක මිල ගණන් පවත්වාගැනීමට හැකි වනු ඇති.

ඉහළ අපනයන වර්ධනය හා ආනයන සීමා කිරීම් හේතුවෙන් වෙළඳ හිඟයෙහි තවදුරටත් පහළ යෑමක් සිදු වනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා. මූල්‍ය කළමනාකරණය සදහා මහබැංකුව නිත්‍ය පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සදහා සියයට හතයි දශම පහ සහ  සියයට අටයි දශම පහ දක්වා පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය මූල්‍ය වෙළපලේ වර්ධනයත් සමඟ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු  කිරීමට ගත් තීරණය වානිජ බැංකුවල පොලී අනුපාත අඩුවීමට හේතුවනු ඇති බව මහබැංකුව වැඩිදුරටත් සදහන් කරනවා. විවිධ අභියෝග හමුවේ වුවද  ගෙන ඇති කෙටි කාලීන හා දිගු කාලීන මූල්‍ය තීරණ හරහා ආර්ථික ස්ථාවරත්වය ලඟා කර ගැනීමට හැකි බව විද්වතුන්ද පෙන්වා දෙනවා.

 

 

The post බැංකු පොළී අනුපාත පහතට – රුපියල ශක්තිමත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG