Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනිද්දා සිට වැසි වැඩිවෙයි  

Add comments

අනිද්දා සිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක‍්‍රමයෙන් ස්ථාපිත වන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සදහන් කළේ.

මේ අතර පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරය හරහා ති‍්‍රකුණාමලය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 55 ක් දක්වා ඉහල යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පෙන්වා දෙන්නෙ.

ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශය තරමක් රලුවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් මුහුද තාවකාලිකව රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

The post අනිද්දා සිට වැසි වැඩිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG