දෙමටගොඩ ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිපිරවීමක් සිදුකළ නිවසේ තිබී අත්අඩංගුවට ගත් මැණික් ගල් තුනක වටිනාකම රුපියල් එක්කෝටි දෙලක්ෂ පනස් දහසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මෙම මැණික් ගල් පිළිබද වාර්තාවක් කැදවන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.
මේ අතර මෙම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.
Post a Comment