Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන්ගේ දියණියගේ රුධිර සාම්පල DNA පරීක්ෂණයකට යොමුකිරීමට CIDයට අවසර  

Add comments

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී එන් ඒ පරීක්ෂණ සිදු කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ කැදවීම අද සිදු වුණා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පලයක් ලබාගෙන ඩී එන් ඒ පරීක්ෂාවක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබා දුන්නා.  මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසු සොයා ගත් සහරාන් හෂීම්ගේ බවට සැක කෙරෙන හිස කොටසේ ඩී එන් ඒ සාම්පල මෙම පරීක්ෂණ සදහා යොදාගැනීමට නියමිතයි.

මේ අතර සහරාන් හෂීම්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා ඩී එන් ඒ පරීක්ෂාවක් සිදු කිරීමට දැනට මඩකලපුව බන්ධනාගාරයේ සිටින සහරාන්ගේ සහෝදරියගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමටද අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා. සහරාන්ගේ බිරිද වන කාත්තන්කුඩි බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා හා ඇගේ දියණිය රුදයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව එම දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG