Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛද්‍යවරයකු ඝාතනය  කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

කොටහේන ප්‍රදේශයේදී වෛද්‍යවරයකු ඝාතනය  කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

68 හැවිරිදි මෙම වෛද්‍යවරයා ඔහුගේ නිවසේ සිටියදී පසුගියදා 22 වනදා ඝාතකයට ලක්ව තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේපල සොරකම් කිරීමේ අරමුණින් මෙම ඝාතනය  සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ඔවුන් සොරකම් කළ ලැප්ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෛද්‍යවරයාගේ ජංගම දුරකතනය, අත් ඔරලෝසුව, මුදල් පසුම්බිය සහ පාවහන් යුගලක් ද ඒ අතර වන බවයි පොලිසීය පවසන්නේ.  මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 / 17 සහ 16 යන වයස්වල පසුවන දෙමටගොඩ සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24 ක රැදවුම් නියෝග ලබා ගෙන රදවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

 

 

 

The post වෛද්‍යවරයකු ඝාතනය  කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG