බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග වත්මන් ආණ්ඩුව ගන්නා බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරනවා.
ඓතිහාසික බෝගම්බර ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත ගිලන් භික්‍ෂු නේවාසිකාරාමය සදහා මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. නේවාසිකාරාමය ඉදිකිරීම සදහා වැය කිරීමට අපේක්‍ෂා කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ එක්දහස් තුන්සියයක්. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මැතිඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා appeared first on ITN News.
Post a Comment