අයි එස් ත්‍රස්තවාදීන්ට මෙන්ම ජාතිවාදය පැතිරවීමට කටයුතු කරන කණ්ඩායම්වලට කිසිදු සමාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රට පුරා පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අලුතින් සිතමු දිරියෙන් නැගිටිමු තේමාවෙන් රට පුරා පවුල් ලක්‍ෂ 6 ක් සවිබල ගැන්වීම සමෘද්ධි හිමිකම් ලබා දීම තුළින් සිදුකෙරෙනවා. එහි යාපනය දිස්ත්‍රික් හිමිකම් ප්‍රදානය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක පවුල් විසිතුන්දහස් එකොළහක් වෙනුවෙන් හිමිකම් ප්‍රදානය සිදු කිරීමට නියමිතයි. ඒ යටතේ පවුල් හාරදහස් පන්සියයකට හිමිකම් ප්‍රදානය අද (02) කෙරුණා. අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස දහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ පළමු පියවර යටතේ ඉදිකළ නිවාස ජනතා අයිතියට පැවරීම අද(02) සිදුකෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ යටතේ යාපනය නැදුන්කර්නි ප්‍රදේශයේ ඉදිකළ නිවාසයි ජනතා අයිතියට පත් කෙරුණේ. 2019 ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට නිවාස හාරදහස් හත්සිය පනහක් ඉදිකෙරෙමින් පවතිනවා. ඒ යටතේ උතුරු පළාතේ දිස්ත්‍රික් 5 ක් තුළ නිවාස තුන්දහස් හයසියයක් හා නැගෙනහිර පළාතේ නිවාස එක්දහස් එකසිය පනහක් ඉදි කිරීමට නියමිතයි. දෙවන අදියර යටතේ නිවාස පන්දහස් දෙසීය පනහක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ අනුව උතුරු පළාතේ නිවාස තුන්දහස් නවසියයක් හා නැගෙනහිර පළාතේ නිවාස එක්දහස් තුන්සිය පනහක් ඉදිකෙරෙනු ඇති.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post අයි එස් ත්‍රස්තවාදීන්ට මෙන්ම අන්තවාදීන්ට කිසිදු සමාවක් නැහැ appeared first on ITN News.
Post a Comment