රෝග වැළැක්වීම සහ නිවාරණයට අදාළ වැඩසටහන් තවත් පුළුල් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හදිසි වෛද්‍ය ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.
හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය විද්‍යායතනය ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කරන අවධියේදී 2013 වසරේ ආරම්භ කෙරුණා. මෙම විද්‍යායතනය මගින් සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව ආදී රටවල රෝහල් සමග ඒකාබද්ධව වැඩමුළු තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා. හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව අගය කරමින් ජනාධිපතිතුමා 11 දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම සිදුකළා.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුනේ ද ජනාධිපතිතුමාගේ අතින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කළ ආකාරය ප්‍රසංශනීය බවයි.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post රෝග වැළැක්වීමේ නිවාරණයේ වැදගත්කම ජනපති අවධාරණය කරයි appeared first on ITN News.
Post a Comment