හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මන්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ නිතිපතිවරයාගේ වැඩිදුර වාචික දේශන ලබන 17 වනදා සිදු කිිරිමට ති‍්‍රපුද්ගල මහාධිකරණය අද (14) දින නියම කළා. ඒ නඩුව අද (14) විභාගයට ගත් අවස්ථාවේ.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සිය වාචික දේශන පස්වන දිනටත් ඉදිරිපත් කළා. වැඩිදුර වාචික දේශන ලබන මස 17වනදාට කල් තැබීමටයි සම්පත් අබේකෝන්, සම්පත් විජෙරත්න සහ චම්පා ජානකි ජයරත්න යන ති‍්‍රපු‍්‍රද්ගල විනිසුරු මඩුල්ලක් අද (14) නියම කළේ.
රුපියල් මිලියන පන්සියක මුදලක් නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරිමේදි සිදුවි ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනාට චෝදනා එල්ලව තිබෙන්නෙ.
The post ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ නිතිපතිවරයාගේ වැඩිදුර වාචික දේශන ලබන 17 වනදා appeared first on ITN News.
Post a Comment