Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුකර ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩසටහන් මාලාවක්  

Add comments

වතුකර ජනතාව ඉලක්ක කර ගනිිමින් සතුටු පවුල වැඩසටහන ලබන සෙනසුරාදා (05) සිට ආරම්භ කරනවා. එය හැටන් සහ පස්සර මුලික කරගනිමින් ක‍්‍රියාත්මක කිරිමයි සැලසුම.

ඉදිරියේදී බදුල්ල , රත්නපුර කැගල්ල ඇතුළු සියලු දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි දිවයින පුරා වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා ප‍්‍රකාශ කළේ. මත්පැන් භාවිතය අවම කිරිම, ආර්ථිකය ශක්තිමත් කිරිම, අධ්‍යාපනය සහ ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව එහිදි වතු ජනතාව දැනුවත් කෙරෙනවා. ඊට විශේෂ දේශකයන් සහභාගී වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිවාස හිමිකම් ඔප්පු නොමැති එහෙත් දීර්ඝ කාලයක සිට රජය ලබාදුන් නිවාස වල පදිංචි වී සිටින ජනතාවට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙලද ක‍්‍රියාත්මකයි. ඒ යටතේ ඉදිරි සතියේ දී හිමිකම් ඔප්පු තුන් දහසක් පමණ ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ප‍්‍රකාශ කළේ.

The post වතුකර ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩසටහන් මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG