උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා බලධාරීන් පවසනවා.
උතුරු කොරියාවේ වොන්සන් වරාය ආසන්නයේ දී සබ්මැරීනයක සිට මෙම බැලැස්ටික් මිසයිලය ජපාන මුහුද දෙසට යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දකුණු කොරියා හමුදා අංශ සඳහන් කරන්නේ එම මිසයිලය ජපානයේ විශේෂ ආර්ථික කලාපයට අයත් මුහුදු සීමාවකට වැටී ඇති බවයි. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ලබන සිකුරාදා ඇමෙරිකාව සමඟ සාකච්ඡා නැවත ආරම්භ වන බව උතුරු කොරියාව පවසා තිබුණා. ඒ අතර තුරයි මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ.
The post උ.කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව ද.කොරියා පවසයි appeared first on ITN News.
Post a Comment