තලවාකැලේ හොලිරුඩ් වතු යායේ, නිවාස පේලියක පසුගියදා හටගත් ගින්නෙන් අවතැන්වූ පවුල් 24ක් සදහා නව නිවාස ඉදිකර දිමට කටයුතු කරන බව අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පවසනවා.
ගින්නෙන් හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීමෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අවතැන්වූ පවුල් සාමාජිකයන් මේ වන විට හොලිරුඩ් වතුයායේ සංස්කෘතික ශාලාවේ රැදී සිටිනවා. ඔවුන් හමුවූ අමාත්‍යවරයා ගැටලු පිළිබද සාකච්ඡා කළ අතර ලබා දී ඇති පහසුකම් පිළිබදවද විමසා බැලුවා. පාර්ලිමේන්තු මන්ත්‍රි මයිග්වාගම් තිලකරාජ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
***අප්සවුන්ඩ්***(තිබේනම් යොදන්න)
The post හොලිරුඩ් වතු යායේ, නිවාස පේලියක ගින්නෙන් අවතැන්වූ පවුල් 24කට නව නිවාස appeared first on ITN News.
Post a Comment