Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට ඉරාන ජනපති සූදානම්  

Add comments

ඇමරිකාව සමඟ යළි න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ඉරාන ජනාධිපති හසන් රවුහානි අදහස් පළකර තිබෙනවා.

ඇමරිකාව සාකච්ඡා සඳහා නිසි ගෞරවයකින් යුතුව සහභාගී වන්නේ නම් ඒ සඳහා සූදානම් බවයි ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එභෙත් ඉරානය සහ ඇමරිකාව අතර සම්බන්ධතා තවදුරටත් අවිනිශ්චිත බව ද ඔහු සඳහන් කර තිබෙනවා. ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟ ඔවුන්ට එරෙහි සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කළා. ඉරානයෙන් තෙල් ආනයනය නතර කිරීමට අනෙකුත් රට වලට ද බලපෑම් කිරීමටයි ඇමරිකා ජනාධිපතිවරයා පියවර ගත්තේ.

2015 වසරේ එළඹි න්‍යෂ්ටික ගිවිසුම ප‍්‍රමාණවත් නොමැති බවයි ජනාධිපති ට‍්‍රම්ප්ගේ අදහස. ඉරානයට අවශ්‍ය නම් නම්‍යශීලීව ශක්තිමත් ඉදිරි ගමනක් යාමට හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දෙනවා. ඉරානය තුළ පාලන තන්ත‍්‍රයේ වෙනසක් ඇමරිකාව අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. ජාත්‍යන්තර නීතිරීති අනුගමනය කරමින් ඇමරිකාව ගෞරවාන්විත ප‍්‍රවේශයකට එළඹෙන්නේ නම් පමණක් සාකච්ඡා සඳහා සහභාගී වන බවයි ඉරානය අවධාරණය කරන්නේ.

The post ඇමරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට ඉරාන ජනපති සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG