Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක‍්‍රයිස් චර්ච් ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයේ  

Add comments

ක‍්‍රයිස් චර්ච් ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු ලබන අගෝස්තු 16 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා. ඔහුට එරෙහි චෝදනා සියල්ල අධිකරණයේදී ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එම චෝදනා සියල්ලටම ප‍්‍රධාන සැකකරු වරදකරු නොවන බවයි ඔහුගේ නීතිඥයා ප‍්‍රකාශ කළේ.

29 හැවිරිදි බෙ‍්‍රන්ටන් ටැරන්ට් නැමැති මම සැකකරු ඉදිරියේ චෝදනා ප‍්‍රකාශයට පත්කරන ආකාරය ඇතුලත් වීඩියෝවක් ද නිකුත් වුණා. නවසීලන්තයේ ක‍්‍රයිස් චර්ච් හි ප‍්‍රධාන මුස්ලිම් පල්ලි දෙකකට ඇතුලුවී වෙඩිතැබිමේ සිද්ධියෙන් 51 දෙනෙකු මියගියා. 40 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන බෙ‍්‍රන්ටන් ටැරන්ට් ඔස්ටේ‍්‍රලියා ජාතිකයෙක්.

The post ක‍්‍රයිස් චර්ච් ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG