Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් ආරක්‍ෂක කවුන්සලය හා රජය අතර සාකච්ඡා  

Add comments

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය මැඩපැවැත්විමට ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග හා ඉන් අත්කරගත් ප්‍රතිඵල මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන වැඩපිලිවෙල සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සලයේ නියෝජිත පිරිසක් රජය සමග සාකච්ඡා පැවැත්වුවා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ  සහකාර මහලේකම් මිෂෙල් කොනික්ස් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස දෙදිනක කාලයක් ශ්‍රී ලංකාවේ රැදි සිටිමින් මෙම සාකච්ඡා සදහා එක් වුනා. ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මෙන්ම තවත් දේශපාල නියෝජිතයින් කිහිප දෙනෙකුද සමග ඔවුන් මෙසේ සාකච්ඡා පැවැත්වු බව විදේශ අමාත්‍යංශය පවසන්නේ.

ත්‍රස්තවාද මෙරටින් සම්පුර්ණයෙන් තුරන් කර දැමිමට රජය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව මෙහිදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ  නියෝජිත පිරිස දැන්වත් කෙරුණු අතර ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් මෙම වැඩිපිලිවෙලට එම සංවිධානයේ සහය ලබා දෙන බවට රජය අපෙක්ෂා කරන බව මෙහිදි අවධාරණය කෙරුණා. එම වැඩපිලිවෙලට එම සංවිධානයේ පූර්ණ සහය ලබා දෙන බවයි එක්සත් ජාතින්ගේ සංවිධාන නියෝජ්‍ය මහලේකම්වරිය මෙහිදි සදහන් කළේ.

 

 

 

The post ජගත් ආරක්‍ෂක කවුන්සලය හා රජය අතර සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG