Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලාකරුවන්ට සවියක් වන යුද හමුදා සංගීත ප්‍රසංගයට ජන ගඟක්  

Add comments

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු කලාකරුවන් හා සංගීතවේදි වෘත්තිකයන්ට ශක්තියක් ලබා දීමට හා සංගීතලෝලීන්ට සාමාන්‍ය පරිදි විනෝදවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සංගීත ප්‍රසංගයක් ඊයේ අනුරාධපුරයේදී පැවැත්වුණා.

එක්ව සිටිමු නමින් මෙම සංගීත ප්‍රසංගය නම් කර තිබු අතර එය අනුරාධපුර නගරසභා එළිමහන් ක‍්‍රීඩාංගනයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා යුදහමුදාවේ 21වන සේනාංකය විසින් සංවිධාන කර තිබු අතර සහරා ෆැෂ් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් දිවයිනේ  ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් මෙහිදි ගීත ගායනා කර ලැබුවා. එක්ව සිටිමු සංගීත ප්‍රසංගය දීප ව්‍යාප්තව පැවැත්විමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබෙනවා. මෙම අවස්ථාවට ආරක්ෂක සේනා වන්නි අඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහ පළාත් ආණ්ඩුකාර ආනන්ද කුලරත්න යන මහත්වරුන්ද සහභාගි වී සිටියා.

 

The post කලාකරුවන්ට සවියක් වන යුද හමුදා සංගීත ප්‍රසංගයට ජන ගඟක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG