අයි එස් ත්‍රස්තවාදය යළි මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මාතලේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීම යටතේ මාතලේ දිස්ත්‍රික් උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඒ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදීයි. දුගී බව තුරන් කර ඇති හැකි පිරිසක් නිර්මාණය කිරීම සඳහා අලුතින් පවුල් ලක්‍ෂ 6 කට සමෘද්ධිය ලබා දීමට රජය තීරණය කළා. ඒ සඳහා සුදුසුකම් ඇති පිරිස තෝරා ගනිමින් දිවයිනම ආවරණය වන පරිදි මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා. මාතලේ පැවති මෙම උත්සවයේදී ද සංකේතාත්මකව පවුල් කිහිපයකට අග්‍රාමාත්‍යවරයා අතින් සමෘද්ධි හිමිකම් පත් ප්‍රදානය කෙරුණා. මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩසටහන ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේදී පැවැත්වුණා. ඒ මාතලේ සංඝමිත්තා විද්‍යාලයේදීයි. අයි එස් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා පියවර 3 ක් ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
උප්පැන්න සහතික , රියදුරු බලපත්‍ර , විදෙස් ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් සකස් කර දීම ඇතුලු මහජන සේවා රැසක් කඩිනමින් සැලසීම මෙහිදී සිදුවුණා. රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩසටහනට විශාල පිරිසක් එක්ව සිටියා.
The post IS ත්‍රස්තවාදය නැති කිරීමට පියවර 3 ක් ගත යුතු බව අගමැති කියයි appeared first on ITN News.
Post a Comment