Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොච්චිකඩේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්  

Add comments

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 185 වැනි වාර්ෂික මංගල්‍යය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්වුනා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යළි ඊයේ (12) විවෘත කෙරුණා. ආසිරි ගැන්වීමේ විශේෂ  දේවමෙහෙය පැවැත්වුනේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කිරීම සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරුණා.

වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව සදහා විශාල පිරිසක් එක්ව සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් හා විපතට පත්වූවන් හේතුවෙන් මෙවර මංගල්‍ය දිව්‍ය පූජාව උත්සවාකාරයෙන් නොපැවැත්වීමට දේවස්ථාන පරිපාලනය තීරණය කළා. ඒ අනුව චාම් ලෙස ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම කටයුතු සිදු කෙරුණා.

 

 

The post කොච්චිකඩේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG