කතරගම ඇසළ මහා පෙරහරේ සජීවී විකාශය සියලුම නාලිකා අභිබවා අංක එකට පත්වෙමින් ඉහළම ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනා ගැනීමට ITN නාලිකාවට හැකිවුණා.
කතරගම පෙරහැර සජීව විකාශය සිදු කළ ඇසළ පොහෝ දිනයේ රාත්‍රී 10 ත් පසුදා අලුයම 1 ත් අතර කාලයේදී මෙම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ITN නාලිකාවට හිමිව තිබෙන්නේ දිවයිනේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන එල් එම් ආර් බී වාර්තාවට අනුවයි. එම වාර්තාවට අනුව පෙරහර මංගල්‍යය පැවති කාලසීමාව තුළ ITN නාලිකාව 22.8ක ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනෙකුත් සියලුම නාලිකාවන් අභිබවා යමින්.

දේශීය සංස්කෘතියට හා උරුමයට මුල්තැන දෙමින් කතරගම ඇසළ මංගල්‍යය හරෝ හරා නමින් ජනතාවට සජීවී ව සමීප කිරීමට ITN මාධ්‍ය ජාලයට හැකි වුණා. ඇසළ පොහොය දිනයේ ITN සවණක් රැස් පොහෝදා විශේෂ වැඩසටහන මෙන්ම ITN FM ඔස්සේ ශාසනාලෝක පොහෝ දින වැඩසටහනද ජනතාවට සමීප කිරීමට ද කටයුතු කළා. අවසන් මහා පෙරහර පැවති දිනයේ ලක්ෂ පහකට අධික ජනතාවක් කතරගමට පැමිණ සිටි අතර මෑත ඉතිහාසයේ ඉහළම මාධ්‍ය දායකත්වය ලබා දීමට අයිටීඑන් මාධ්‍ය ජාලයට හැකිවීම කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ඇගයීමට ලක් කළා.
ශ්‍රී ලාංකීය ජන බලය හසුරුවන ටෙලිවිෂන් ආවර්ණාධිපති ලෙස කතගරම ඇසළ මහා හෙරහරේ නැවත විකාශය අනිද්දා රාත්‍රී 10 සිට අයිටීඑන් නාලිකාව ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post හරෝ හරා ඇසළ මංගල්‍යය සමඟ ටෙලිවිෂන් ආවරණාධිපති අංක 1 ට appeared first on ITN News.
Post a Comment