ධාවනයෙන් ඉවත් කර තිබූ අබලි දුම්රිය මැදිරි සියයක් සුඛෝපභෝගී ලෙස නවීකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කෙරුණා.
දෙමටගොඩ දුම්රිය අංගනයට අයත් ධාවනයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරියි මෙසේ අලුත්වැඩියා කිරීම සිදු කර තිබෙනවා. දුම්රිය දෙපරේතමේන්තුවේ අධීක්ෂණය යටතේ එම දුම්රිය මැදිරි නවීකරණය කිරීම සිදු කළා. අලුත්වැඩියා කළ නව දුම්රිය මැදිරි විවෘත කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අතින් සිදු වුණා. දුම්රිය සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ නිලන්ත රන්දුනු,ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලලිත් පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ධාවනයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 100ක් නවීකරණය කෙරේ appeared first on ITN News.
Post a Comment