ලෝකයේ වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය සිදු වන්නේ ශ්‍රී ලංකාවේ බවත් බෝ නොවන රෝග ඉහලයාමට එය හේතුවන බවත් අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කැකිරාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් පෝෂණ ඌනතාවෙන් මුදා ගැනීම සදහා සබලකරණය සහිත සහල් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ආහාර වැඩපිලිවෙල යටතේයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. සබලකරණය සහිත සහල් නොමිලේ පාසල් වෙත ලබාදී දරුවන්ට ආහාරවේලක් ලබාදීමට මෙහිදී කටයුතු කෙරෙනවා.
The post බෝ නොවන රෝග ඉහලයාමට හේතුව ඇමති පී හැරිසන් කියයි appeared first on ITN News.
Post a Comment