රටේ ජාතික ආරක්ෂාව කිසිදු බලවේගයකට යටපත් කළ නොහැකි බව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ කිසිදු බලපැම්ක යටතේ වෙනස් කළ නොහැකි බවයි ඉන්දිය අගමැතිවරයා පෙන්වා දෙන්නේ. නවදිල්ලි නුවර පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් නරේන්ද්‍ර මෝදි මේ බව සදහන් කළා. ඉන්දිය ආරක්ෂක හමුදා නවීකරණයට මේ දිනවල එරට රජයේ ප‍්‍රමුඛ අවධානයක් හිමිව තිබෙනවා.
යුධ , ගුවන් සහ නාවික හමුදා ඒකාබක්ධ මෙහෙයුම් පුළුල් සහ සැලසුම් සහගත ලෙස සිදු කිරිමට ද කාලය එළඹ ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
The post අගමැති මෝදිගෙන් ජාතික ආරක්ෂාව ගැන ප‍්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment