යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිළිනොච්චිය පොලිසිය පවසනවා. ජ්‍යෙෂ්ඨ සිසුන් සහ පළමු වසර සිසුන් අතර බහින් බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුවී ඇති බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කරනු ඇති බවද එම වාර්තා සදහන් කරනවා.
The post යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 11 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment