මේ මස පස් වනදා සිට ක‍්‍රියාත්මක විශේෂ මෙහෙයුමේ දී බීමත් රියදුරන් 5262ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. දිවයිනම ආවරණය වන පරිදි මෙහෙයුම ක‍්‍රියාත්මක බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පෙරවරු හයෙන් අවසන් වූ ගත වු පැය 24 තුළදි පමණක් බීමත් රියදුරන් 220ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මහෛයුම තවදුරටත් ක‍්‍රියාත්මක කිරිමයි සැළසුම. බීමත්ව රිය පදවන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
The post ගතවූ පැය 24දී බීමත් රියදුරන් 220ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment