බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
කෝමාරිකා පැළ තොගය සමග පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබියදී කෝමාරිකා තොගය අත්අඩංගුවට ගැනුනේ පේසාලේ මුහුදු තීරයේදීයි.
ගෝනි 22 ක් තුළ අසුරා ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ කිලෝග්‍රෑම් 618 ක ප්‍රමාණයකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවරුදු 32 සහ 47 යන වයස්වල පසුවන අතර ඔවුන් මන්නාරම පේසාලේ පදිංචිකරුවන් බවටයි හදුනාගෙන තිබෙන්නේ.
කෝමාරිකා පැළ තොගය සහ සැකකරුවන් ඉදිරි පරික්ෂණ සදහා සිලාවතුර අඩවිවන සංරක්ෂණ කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කළා.
The post බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ කෝමාරිකා පැළ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment