සෝමාලියාවේ මොගඩිෂු අගනුවර නගරාධිපති කාර්යාලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ නගරාධිපතිවරයා ප‍්‍රතිකාර සඳහා විදෙස් රටකට යොමුකර ඇති බවයි සෝමාලියා වාර්තා ප‍්‍රකාශ කළේ. මියගිය අය අතර ප‍්‍රාදේශ්‍රීය පරිපාලන නිලධාරින් කිහිපදෙනෙකු සිටිනවා. අල්කයිඩා සංවිධානයට අනුබද්ධ අල් ෂබාබ් සංවිධානය ප‍්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
The post සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බෝම්බ ප‍්‍රහාරයකින් 11දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment