චීනයේ ෂුයි චෙන් ප‍්‍රාන්තයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
නාය යාමට හසු වූ 11 දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ෂුයි චෙන් ප‍්‍රාන්තයට පසුගිය දින කිහිපයේ සිටම ඉතා තද වැසි ඇද හැළුණු බවයි වාර්තා වන්නේ. කදුකරයේ බෑවුම් සහිත ප‍්‍රදේශයන්හි පදිංචිව සිටින 800ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට එරට බලධාරින් කටයුතු කළා.
The post චීනයේ අයහපත් කාලගුණය හේතුවෙන් 16 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment