මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 15 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ලබන මස 08 වනදා දක්වා.
මාවනැල්ල මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතායි නියෝගය නිකුත් කළේ . සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා. තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන අද (25) අධිකරණයට ඉදිරිපත් කළ බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ .
මීට අමතරව ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කළ බවට සැක කෙරෙන වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලිසිය පැවසුවා.
The post මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ පුද්ගලයන් යළි රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment