ඇමරිකාවේ ආණ්ඩුකාරවරයකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුට එම ධුරයෙන් ඉවත් වන ලෙසට එල්ල වු මහජන විරෝධතා හේතුවෙන්.
ඇමරිකාවට අයත් භූමියක් ලෙස සැළකෙන කැරිබියන් දූපත්වල පිහිටි පුවර්ටෝ රිකෝහි ආණ්ඩුකාරවරයා වන රිකාඩෝ රොසෙල් මෙසේ ඉල්ලා අස්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. ඒ අනූව අගෝස්තු දෙවනදා ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
පුවර්ටෝ රිකෝ ප‍්‍රදේශයේ පවතින ආර්ථික අර්බුදයට හේතුව ඔහුගේ පාලන සමයේදී සිදුව ඇති දූෂණ සහ අක‍්‍රමිකතා බවයි විරෝධතාකරුවන් පවසන්නේ. මාරියා සුළි කුණාටුවෙන් ආපදාවට පත් පිරිස් යළි නඟා සිටුවීමට ද ආණ්ඩුකාරවරයා අසමත් වි ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
The post ඇමරිකාවේ මහජන විරෝධතා හේතුවෙන් ආණ්ඩුකාරවරයකු ඉල්ලා අස්වීමේ තීරණයක appeared first on ITN News.
Post a Comment