Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක් ආවරණය කෙරේ  

Add comments

හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් දුම්රිය හරස් මාර්ග හා එහි ආරක්ෂකයින් සම්බන්ධයෙන් මතු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දුම්රිය හරස්මාර්ග ආරක්ෂකයින් යෙදවීම කඩනමින් ගත හැකි ක්‍රියාමාර්ග වෙයි. පොලීසිය යටතේ මෙය ක්‍රියාත්මක කර තිබේ. විදුලි සීනු හා වර්ණ සංඥා ක්‍රමය ආරම්භ කර ඇත. මුළු දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 1337ක් වන අතර ඒ අතරින් 185ක් ආවරණය කිරීම පුද්ගලික අංශයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාව සැපයිය යුතු මුළු දුම් රිය හරස් මාර්ග සංඛ්‍යාව 1152ක් වන අතර ඉන් හරස් මාර්ග 608ක් මේ වනවිට ආවරණය කර ඇත. මාර්ග බාධක සහිත හරස් මාර්ග 181ක් සහ විදුලි සීනු සහ වර්ණ සංඥා පද්ධති සහිත හරස් මාර්ග 327ක් දැනට ක්‍රියාත්මක වෙයි.

වසර දෙකක් තුළ මින් 150ක් පමණ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විදුලි සීනු හා වර්ණ සංඥා ව්‍යාපෘතීන් අදාළ විස්තර මෙසේ ය. දැනට සජීවී ලෙස පවතින ව්‍යාපෘති අතරින් හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවර්ණය කිරීමටත් ඉන් 110ක් ආවණය කර ඇත.

ඒ අනුව තවදුරටත් ආවරණය කිරීමට තිබෙන සංඛ්‍යාව 90කි.ඉදිරි වසර දෙක තුළ දුම් රිය හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවර්ණය කිරීමට නියමිතය. හංගේරියානු ණය ආධර යටතේ ඉදිරි වසර දෙක තුළ දුම් රිය හරස් මාර්ග 200ක් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නියමිතය.”

The post ඉදිරි වසර දෙක තුළ විදුලි සීනු සහ වර්ණ සංඥා සහිත දුම්රිය හරස් මාර්ග 200ක් ආවරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG