Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහින්දානන්දට අධි චෝදනා  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද අධි චෝදනා භාරදුන්නා. අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේ රුපියල් මිලියන 33 ක් අවභාවිත කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කෙරුණා. ඒ රුපියල් ලක්ෂය බැගින් වන මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයේ ශරීර ඇප දෙකක් බැගින්.

මේ අතර රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අද යළි විභාගයට ගැණුනා. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා. නීතිපති උපදෙස් ලැබී නැති බැවින් නඩුව නොවැම්බර් පළමුවනදා දක්වා කල්තැබුණා. පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන් සංවිධාන කළ විරෝධතාවකට වෙඩි තබා තුන්දෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි.

The post මහින්දානන්දට අධි චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG