Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාෆි එරෙහිව CIDයට ලැබුණු පැමිණිලි 615 න් 147 ක් විමර්ශනය කර අවසන්  

Add comments

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත මුදා හැරුණා. ඒ ඊයේ අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මත වෛද්‍යවරයා මුදා හැරීමට නියෝග කෙරුණා. සෑම ඉරිදාවකම උදෑසන 09 ත් පස්වරු 04 ත් අතර කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට නියෝග කෙරුණේ. සාෆි ෂිහාබ්දීන්ට එරෙහි නඩුව ලබන මස 09 වනදා යළි කැදවීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුවට ලැබුණු පැමිණිලි 615 න් 147 ක් විමර්ශනය කර අවසන් බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණේ. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මව්වරුන් සදහා සිදු කරන එච්.එස්.බී පරීක්ෂණ සම්බන්ධයෙන් පසුගිය වසර 05 ක වාර්තා ලබා දෙන ලෙස කොළඹ කාසල් රෝහලට සහ ද සොයිසා කාන්තා රෝහලට නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ අනුව විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළා. එසේම කුරුනෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වෛද්‍ය සාෆි ෂිහාබ්දින් වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා. මෙතෙක් සිදු කර ඇති විමර්ශන අනුව වෛද්‍ය  සාෆි ෂිහාබ්දීන් වරදක් කර ඇති බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ. විත්තිකරුට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

 

The post සාෆි එරෙහිව CIDයට ලැබුණු පැමිණිලි 615 න් 147 ක් විමර්ශනය කර අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG