බොකොහරාම් ප‍්‍රහාරයකින් නයිජීරියාවේ 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවමංගල්‍යයකට සහභාගීවී සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් ඔවුන් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
බොකොහරාම් සංවිධානය නයිජීරියාවේ ගන්සායි ප‍්‍රදේශයේ දින කිහිපයක සිට ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. මීටපෙර හමුදා මුරපොළකට එල්ල කළ ප‍්‍රහාරයකින් දෙදෙනෙකු මියගිය බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. වසර 10 කට අධික කාලයක් පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට විසි හත්දහසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
The post බොකොහරාම් ප‍්‍රහාරයකින් නයිජීරියාවේ 23 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment