Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රියඅනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

රියඅනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර ගුවන් තොටුපොළ මාර්ගයේ එක් අනතුරක් සිදුවුණා. ඒ මෝටර් රථයක් සහ තී‍්‍රරෝද රථයක් ගැටීමෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ තී‍්‍රරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඔහු වයස අවුරුදු 22 ක වාරියපොල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක්. අනතුරෙන් තුවාල ලැබූ තවත් හත් දෙනෙකු අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

කොළඹ මහනුවර මාර්ගයේ කලල්පිටිය ප‍්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් වටගොඩපිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙක් මියගියා. ඒ මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන්.

The post රියඅනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG