බ්‍රසීලයේ ගුවන් තොටුපලක බහලුම් පර්යන්තයේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 40කට ආසන්න රත්‍රං තොගයක් ඇතුලු වටිනා භාණ්ඩ රැසක් කොල්ලකා තිබෙනවා.
බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ පිහිටි ගුවන් තොටුපලේ බහලුම් පර්යන්තයේ දීයි මෙම කොල්ලකෑම් සිදු ව තිබෙන්නේ. මුහුණු ආවරණය කරගත් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගුවාර්ලෝස් ගුවන්තොටුපලට ඇතුලු වී එහි සේවකයින් දෙදෙනකු සිය භාරයට ගැනීමෙන් අනතුරුව කොල්ලකෑම් සිදු කර තිබෙනවා. කිලෝග්‍රෑම් 750ක බරින් යුත් රත්‍රං සහ තවත් වටිනා භාණ්ඩ රැසක් රැගෙන ගොස් ඇති බවයි බ්‍රසීල වාර්තා සඳහන් කළේ.
The post බ‍්‍රසිල ගුවන් තොටුපලකින් මිලියන 40කට ආසන්න රත්‍රං තොගයක් පැහැර ගැනේ appeared first on ITN News.
Post a Comment