ඉරානයට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් සීමා වී තිබූ ඉරානයට තේ අපනයනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (25) සිදු විය.
මෙහිදී ඉරානයෙන් ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ඉරානයට ගෙවීමට ඇති මුදල් තේ අපනයනය හරහා පියවීමට සියලු පාර්ශවයන් එකඟ වූ අතර ලබන අගෝස්තු මස අවසන් වීමට පෙර මෙම නව ක්‍රමය යටතේ ඉරානයට සිලෝන් ටී අපනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
එම අවස්ථාවට මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම්තුමා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තේ අපනයනකරුවන් ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරීන් සහභාගී විය.
The post ඉරානයට තේ අපනයනය කිරීමේ නව ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment