ස්ථාන දෙකක සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එක් වෙඩි තැබීමක් සිදුව ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමේ ඇපලදෙණිය හන්දියේදීයී. වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකුට වෙඩි තබා තිබෙනවා. ඉන් තුවාල ලැබූවේ ඇපලදෙණිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. වෙඩි තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් හෙලිව නැහැ.
මේ අතර කතරගම ප්‍රදේශයේදීද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යාල රක්ෂිතයේ මැණික් ගඟේ අනවසර මැණික් ගරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් සහ අඩවි වන නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. එහිදී මැණික් ගරමින් සිටි අයෙකුට වෙඩි වැදී හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු 23 හැවිරිදි තරුණයෙක්. මැණික් ගරමින් සිටි තවත් තුන් දෙනෙකු පලාගොස් තිබෙනවා.
The post ස්ථාන දෙකක සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment