පිලිපීනයේ උතුරුදිග ප්‍රදේශයේ සිදු වූ භූ කම්පන දෙකකින් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මෙම භූ කම්පනවලින් පුද්ගලයින් හැට දෙනෙකු තුවාල ලැබුවා. භූ කම්පන දෙක රිච්ටර් පරිමාණ ඒකක පහයි දශම හතරක සහ පහයි දශම නවයක අගයක් ගෙන තිබෙනවා. පළමු භූ කම්පනය සිදු වී පැය හතරකට පමණ පසුවයි දෙවැන්න හටගෙන තිබෙන්නේ.
මේ හේතුවෙන් නිවාස කිහිපයකටද හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා පරික්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.
The post පිලිපීනයේ උතුරුදිග ප්‍රදේශයේ සිදු වූ භූ කම්පන දෙකකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment