Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට  

Add comments

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකශ කළා. උතුරු මැද නාවික විදානයට අයත් සෙබළුන් පිරිසක් වැටලීම සිදුකළා.

නිවසක් තුළ සඟවා තිබූ ඩෙටනේටර් 28ක් අතුළු උපකරණ හමු වූ බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් නාච්චිකුඩා පොලිසියට භාරදී තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඒ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවක් ද සමඟින්. උතුරු නාවික විදානයට අයත් වේඟ ප‍්‍රහාරක මුර යාත‍්‍රාවක සෙබළුන් වැටලීම සිදුකළේ කෝවිලම් ප‍්‍රදීපාගාරය ආශ‍්‍රිත මුහුදේදී.

The post මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG