තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද (25) ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒවා ඉදිකර තිබෙන්නේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ නගර් හා කඩවත් සහ කුච්චවේලි පෙරියකුළම්වල.
නිවාස ව්‍යාපෘතිවලට සමගාමීව ප‍්‍රතිලාභින්ට පහසුකම් සැලසීමේ වැඩසටහන් ද ක‍්‍රියාත්මක බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මහතා සඳහන් කළේ.
සැමට සෙවණ ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ පළමු අදියර දෙසැම්බර් වනවිට අවසන් කිරිමයි අපේක්ෂාව. ඒ අනූව ගම්මාන 2534 ක් ජනතා අයිතියට පත්කිරිමට කටයුතු යොදා තිබෙනවා.
ව්‍යාපෘතියේ දෙවන අදියර ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඉන් ඉදිකරන ගම්මාන සංඛ්‍යාව පන්දහසක්.
The post ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ පළමු අදියර දෙසැම්බරයේ අවසන් appeared first on ITN News.
Post a Comment