Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බහුතරයකින් යුත් දැවැන්ත පෙරමුණකින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට එජාපය සූදානම්  

Add comments

බහුතරයකින් යුත් දැවැන්ත පෙරමුණකින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය සඳහා ජල ටැංකි 2 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

ලීටර දස දහස බැගින් වූ පානීය ජල ටැංකි 2 කුයි මෙලෙස පරිත්‍යාග කෙරුණේ. ඒවායේ වටිනාකම රුපියල් දෙලක්‍ෂ පනස්දහසක් පමණ වනවා. නගර සැලසුම් , ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා එම පරිත්‍යාගය සිදුකළා. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල , දළදා මාලිගයේ මහ ලේකම් සී ඩබ්ලිව් කරුණාරත්න යන මහත්වරුන් ද එක්ව සිටියා.

 

 

 

 

 

The post බහුතරයකින් යුත් දැවැන්ත පෙරමුණකින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට එජාපය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG