හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු ලැබූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද(03) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රතිකාර ලබමින් සිටියේ කොළඹ ජාතික රෝහලේ. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ජාතික රෝහලට ගොස් එම නියෝගය ලබාදුන්නා. අද (03) අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ඔහුගේ නීතිඥවරුන්ට හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දි තිබෙනවා.
පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පූජිත් ජයසුන්දර මහතා ද අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළ බවයි පොලිසිය පවසන්නේ.
The post හිටපු ආරක්ෂක ලේකම් ගැන අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියගෙන් නියෝග appeared first on ITN News.
Post a Comment