ආපනශාලාවල දුම්පානය තහනම් කිරිමට ඔස්ටි‍්‍රයාව තීරණය කළා. නොවැම්බර් මාසයේ සිට එය කි‍්‍රයාත්මක කිරිම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබෙනවා. එක් මන්ත‍්‍රිවරයෙකු පමණක් ඊට විරෝධය පළකළා.
2017 වසරේ සිට දුම්පානය තහනම සඳහා ඔස්ටි‍්‍රයාව විවිධ ක‍්‍රියාමාර්ග ගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දැනුම් දෙමින් අත්සන් ලක්ෂ 09ක් සහිත පෙත්සමක් ද රජයට භාරදී තිබෙනවා.
සෞඛ්‍යයට මතුව හැකි තර්ජන හේතුවෙන් තීරණයට එළඹි බවයි ඔස්ටි‍්‍රයා බලධාරින් පවසන්නේ. මේ වනවිටත් යුරෝපයේ රටවල් රැසක් ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම සඳහා ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඉදිරියේදී නීති තවදුරටත් දැඩි කිරිමයි අරමුණ.
The post ඔස්ටි‍්‍රයාවේ ආපනශාලාවල දුම්පානය තහනම් appeared first on ITN News.
Post a Comment