හොන්ඩුරාස් රාජ්‍යයේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා.
හොන්ඩුරාස් රාජ්‍යයේ ඇති රෝහල් 32න් 26කම ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. පසුගිය අඩසියවස තුළ වාර්තා වු දරුණතම ඩෙංගු උණ වසංගතය මෙය බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙම වසරේ ගෙවීගිය මාස කිහිපය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් ගණන විසිඅට දහසක්. ඉන් 54 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර වැඩිම පිරිසක් කුඩා දරුවන් බවයි හොන්ඩුරාස් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. පවතින තත්වයත් සමඟ එරටට හදිසි සෞඛ්‍ය තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඩෙංගු රෝගය මැඬපැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post හොන්ඩුරාස් රාජ්‍යයේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරීයයි appeared first on ITN News.
Post a Comment