උතුරු කොරියාව ඊයේ අත්හදා බැලූ කෙටිදුර මිසයිල සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් අදහස් පළ කර තිබෙනවා. අධි තාක්ෂණික ආයුධ ආනයනය කිරීම සහ ඇමෙරිකාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීම නවත්වන ලෙස දකුණු කොරියාවට සිදු කළ අනතුරු ඇඟවීමක් ලෙස මෙම මිසයිල අත්හදා බැලූ බවයි කිම් ජොන් උන් පවසන්නේ.
පසුගියදා කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ පළමු මිසයිල් අත්හදා බැලීම මෙයයි. උතුරු කොරියා නායකයා සඳහන් කරන්නේ දකුණු කොරියාව දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන රටක් බවයි.
The post මිසයිල අත්හදා බැලීම දකුණු කොරියාවට කළ අනතුරු ඇඟවීමක් බව උතුරු කොරියාව පවසයි appeared first on ITN News.
Post a Comment