Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටියුනිසියාවට නව ජනාධිපතිවරයෙක්  

Add comments

ලොව වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන ටියුනීසියා ජනාධිපති බෙජී කයිඩ් එසෙබ්සි ඊයේ අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු අනූ දෙවන වියේ පසුවුණා.

ටියුනීසියා රජය ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් දින හතක ශෝක කාලයක් නිවේදනය කළා. ඔහු එරට නිදහස් මැතිවරණයෙන් තේරී පත්වූ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා වනවා. ජනාධිපතිවරයාගේ අභාවයත් සමඟ එරට පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් එනාසූර් වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණය තෙක් එනාසූර් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කළා.

 

 

 

 

The post ටියුනිසියාවට නව ජනාධිපතිවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG