Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගමට අගයක් මගී ජන මිතුරු සේවය සහ ප්‍රදර්ශනය අද දවස පුරා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී  

Add comments

ගමට අගයක් මගී ජන මිතුරු සේවය සහ ප්‍රදර්ශනය අද දවස පුරා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී පැවැත්වෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් මහජනතාව අපේක්ෂිත සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සදහා මෙම සේවාව ක්‍රියාත්මකයි. ඒ යටතේ ප්‍රවාහන හා ගුවන්සේවා, රැකියා අවස්ථා, රියදුරු බලපත්‍ර ලබා ගැනීම සදහා අවශ්‍ය වෛද්‍ය සහතික ලබා දීම දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම,ඇතුළු සේවා රැසක් ක්‍රියාත්මක වනවා. ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වලට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත ප්‍රදර්ශනයක් ද මීට සමගාමීව  පැවැත්වෙනවා. මීට අමතරව වීදි නාට්‍ය සම්මන්ත්‍රණ රැකියා බැංකු සදහා ලියාපදිංචි වීම ඇස්කණ්නාඩි බෙදා දීම ඇතුළු සේවා රැසක් ද ජනතාවට ලබාගත හැකියි. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ජංගම සේවාවන් ක්‍රියාත්මකයි.

 

 

 

 

The post ගමට අගයක් මගී ජන මිතුරු සේවය සහ ප්‍රදර්ශනය අද දවස පුරා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG