උගන්ඩා රජයේ දූත පිරිසක් හා වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අතර හමුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
උගන්ඩා වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මිචෙල් වෙරිතේ ගෆුෂා හා එරට සමුපකාර අමාත්‍ය පෙඩ්රික් නෂෝබි ගුමේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම දූත පිරිසට ඇතුළත්.
දෙරටේ එකතුවෙන් සිදු කළ හැකි කාර්යයන් පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. සුළු කර්මාන්ත නගාසිටුවීම හා උගන්ඩාවේ ක්‍රියාත්මක සමුපකාර ක්‍රමය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළා.
The post උගන්ඩා රජයේ දූත පිරිසක් හා වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අතර හමුවක් appeared first on ITN News.
Post a Comment